Global Platform For All Sri Lankans

Lanka Hit News

සියල්ලන් මවිත කරමින්, කැලණි සරසවි සිසුවාගේ මරණ පරීක්ෂණයදී තහවුරු වූ දේ..

 

මේ මරණය ගැන පසුගිය දින කිහිපය පුරාම කතා කළා…

මරණ පරීක්ෂණයදී තහවුරු වී තිබෙන්නේ සියල්ලන් මවිත කරන පුවතක්..

කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ භතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ. ඒ. පබසරා පවසන්නේ, ඔහුගේ පපුවට හා කොදු ඇට ප්‍රදේශයේ අස්ථි බිදී මුහුණ හා හිසේ ඇතිවූ තැලීමෙන් හා අස්ථි බිදීමේ හේතුවෙන් මොළයට හානි වීමෙන් මරණය සිදු වී තිබෙන බවයි..

පසුගියදා අලුයම කාලයේ වූ මෙම සිද්ධිය මහර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව මහර වැඩබලන මහේස්ත්‍රාත් විරේන්දා කනංකෙගේ, එදින දහවල් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් නිරීක්ෂණය සිදු කළා..

පසුව ඇය කැලණිය පොලිසියට නියෝග කළේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රාගම මහ රෝහලට යවන ලෙසටයි..

මේ අනුව, පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ රාගම මහ රෝහලේදී පැවැත්වුණා..

මෙලෙස මියගොස් ඇත්තේ, කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ගණකාධිකාරී අංශයේ සිව්වැනි වසරේ සිසුවකු වන බිබීල රිදීමාලියද්ද ප්‍රදේශයේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති විසිහතර හැවිරිදි සිසුවෙක්..

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads