ඉකුත් 29 වැනිදා රාත්රියේ දියලගොඩ මුහුදු වෙරළේදී 19 හැවිරිදි තම පෙම්වතියට ගලකින් පහරදී ඝාතනය කළ බව කියන පෙම්වතා නොවැම්බර් මස 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩ බලන මහේස්ත්රාත් සම්පත් පායෝ ඊයේ (31) නියම කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ 18 හැවිරිදි මග්ගොන පදිංචිකරුවෙක්.
තුවාල ලබා සිටි තරුණිය සැකකාර පෙම්වතා හා ඔහුගේ මිතුරෙකු හා එක්වී පෙම්වතියව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබූ අතර, එහි ප්රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගොස් තිබුණා.
කෙසේ වෙතත්, අද (01) ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
Author: Lanka Hit News
Post Views: 60