රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ ලබන දෙසැම්බර් (02)දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඇය ව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණු බවටයි සඳහන් වන්නේ.
ඔවුන් දෙදෙනා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය 18වැනිදා ඉදිරිපත්කරනු ලැබූ අතර, එහිදී දෙදෙනාගේම ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා.
කෙසේ වෙතත් , නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෂී ප්‍රභා රත්වත්තේ හා ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට පත්ව සිටින බවටයි සඳහන් වුණේ.
Author: Lanka Hit News
Post Views: 4