Global Platform For All Sri Lankans

Lanka Hit News

බදු ගෙව්වේ නැත්නම්, නීතිය තදින්..

 

මෙම වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු හිඟ බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපොළ පවරා ගැනීමටද බලය තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්. එම්. එන්. එස්. බී. දිසානායක මේ බව සඳහන් කළා.

කෙසේ නමුත්, බදු අයකරගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බවත්, හිඟ බදු මුදල් කිසි ලෙසකින් චෙක්පත් මඟින් හෝ මුදල් ලෙස ලබානොදෙන ලෙසත් ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ,

“අද සිට අපේ නිලධාරීන් හිඟ බදු අය කරගැනීම සඳහා පරිශ්‍රයට පැමිණෙනවා. එම නිලධාරීන් කවුරුන්දැයි හරියට හඳුනාගන්න. ඒ අය අප දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත පැළඳ සිටිය යුතුයි. කිසිම විටක චෙක්පත් හෝ මුදල් හෝ කිසිම දෙයක් භාරගන්නේ නැහැ. ඒ නිලධාරීන් හැමවිටම උපදෙස් දිය යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ගිණුමට අදාළ හිඟ බදු ගෙවා කටයුතු කරන ලෙස.

මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර අයකළ යුතු හිඟ බදු පවතී නම් ඒ සියල්ලක්ම අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. නීතියට අනුව තදින් කටයුතු කරන කොට බැංකු ගිණුම් තහනම් කිරීම, දේපොළ පවරාගැනීමට පවා අපට බලය තියෙනවා”.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads