ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන් රුසියාවේ සිට අසූර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය (Inogaral Flight) එරට සංචාරකයන් පිරිසක් රැගෙන අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම ගුවන් යානය පිළිගැනීම සඳහා ජල ආචාර පැවැත්වීමටයි කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන තිබුණේ .
මෙම පළමු මංගල ගුවන් ගමන සඳහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං – 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එහි ගුවන් මගීන් 332ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 10 දෙනෙකු ද පැමිණ සිටියා.
අද දින සිට සෑම සතියකම අසූර් එයාර් ගුවන් සේවය රුසියාවේ ප්‍රධාන නගර 05ක සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව අසූර් එයාර් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ කළමනාකරු මොරිස් ද සිල්වා මහතා පැවසුවා.
එම නගර පහ පහතින් දැක්වෙනවා.
වෙනිකොව් (Venukov)
සෙන්ට් පීටර්ස්බර්ග් (St:Petersburg)
ක්‍රොසනොස්කො (Krasnosk)
සෝච් (Sochi)
නොවිසිබිස්ක් (Novosibirsk)
එමෙන්ම මෙම අසූර් එයාර් ගුවන් යානා වලට රුසියාවේ එම ගමනාන්ත වෙත ළගා වීමට පැය 09.00 ක කාලයක් ගත වන අතර මෙම ගුවන් යානා එළඹෙන 2025 වසරේ අප්‍රේල් මස 30 දින තෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.