හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කරන සහ හින්දු ප්‍රජාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක් වන දීපාවලි දිනය අදයි.
අයහපත පරදා යහපත ජයගත් දිනය ලෙසද ඔවුන් අද දිනය සළකනවා.
අඳුර දුරලා සියලු සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන්න ප්‍රාර්ථනා කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලි උත්සවය අද සමරනු ලබනවා.
චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන්.
විෂ්ණු දෙවියන් හින්දු බැතිමතුන් පීඩාවට පත්කළ නරකාසුරන් නැමැති අසුරයා පරාජයට පත්කිරීම දීපාවලි දිනයේදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.
Author: Lanka Hit News
Post Views: 63