එළඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1700 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, වාර්තා වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1794ක්.
ගතවූ පැය 24 ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 152ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඒ අතර, ප්රචණ්ඩ ක්‍රියා 03ක්ද වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා සිට නොවැම්බර් මස 05 වැනිදා දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සාරාංශ සටහනක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.