Global Platform For All Sri Lankans

Lanka Hit News

කරට කර සටනේ , දැනට ට්‍රම්ප් ඉදිරියෙන් ?

 

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් අතරේ කරටකර සටනක් පැවැත්වෙන බවටයි වාර්තා වන්නේ.

ජනපද මට්ටමින් ප්‍රතිඵල නිකුත් වෙද්දී , ඇතැම් ජනපද ට්‍රම්ප් විසින් ද ඇතැම් ජනපද කමලා හැරිස් විසින් ද දිනා ගනු ලැබ තිබෙනවා.

එයින් ද , මේ මොහොත වෙද්දී ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බව ට ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

කෙවෙ වෙතත්, ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් ඇතුළු ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්, ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ‘ඉලෙක්ෂන් වොච්’ නමින් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කොළඹ මැරියට් කෝට්යාඩ් හෝටලයේ දී පැවැත්වෙනු ඇති.

මෙරට මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මේ මොහොතේ ප්‍රතිඵල නිකුත් කිරීමේ ඒ සජීවී අවස්ථාව සමඟ සම්බන්ධව සිටින බවටද වාර්තා වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

රටට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනය සහිතව, ශ්‍රී දළදා මාලිගාවේ සිදු වු අලුත් සහල් මංගල්‍යය..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads