Global Platform For All Sri Lankans

ඡන්දෙ දාන්න ගිය අයට විශේෂ ප්‍රවාහන සේවා අදත්..

 

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බිම් බලාගිය ජනතාවට යළි සිය රැකියා ස්ථාන වෙත පැමිණීමට අද(18)ත් විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

ඒ අනුව අද සාමාන්‍ය දුම්රිය ධාවන වාරවලට අමතරව විශේෂ දුම්රිය ගමන් වාර 07 ක් ධාවනයට යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වාත්, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වාත් එම විශේෂ දුම්රිය වාර ක්‍රියාත්මකයි.

එමෙන්ම කොළඹ කොටුව සිට හික්කඩුව දක්වාත්, මාතර සිට කොළඹ කොටුව දක්වාත්, ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සදහන් කළේ, අද දිනයේත් අමතර ලංගම බස් රථ 75 කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කර ඇති බවයි.

මීට අමතරව, දිවයින පුරා පෞද්ගලික බස් රථ 6,500 කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads