විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම අද (06) දින සිට මාර්ගගත ක්රමය ඔස්සේ සිදුකළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විදෙස් ගමන් බලපත්ර හිඟවීම හේතුවෙන්, දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්ර ප්රමාණය සීමා කිරීමත් සමඟ එම දෙපාර්තමේන්තුවේ කොළඹ ප්රධාන කාර්යාලය සහ ප්රාදේශීය කාර්යාල අසල පසුගිය මාස කිහිපය තුළ දිගු පෝලිම් දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, මේ මාසයට අදාළව දින වෙන් කිරීම මේ වනවිට අවසන් වී ඇති බැවින් අද සිට මාර්ගගත ක්රමයට දින වෙන්කර ගන්නා පුද්ගලයින්ට දින ලබා දිය හැක්කේ ලබන මස මුල සිට බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය කියා සිටියේ.
මෙවන් පසුබිමක ඊයේත් කොළඹ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලය ඉදිරිපිට ජනතාව පෝලිම්වල රැඳී සිටි අයුරු දැකගත හැකි වුණා.
Author: Lanka Hit News
Post Views: 14