Global Platform For All Sri Lankans

Lanka Hit News

තවමත් බංගලාවේ ඉන්න අයට , නඩු වැටෙන්නයි යන්නේ..

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත්, නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිපියක් යවමින් ඊයේ (16) දැනුම් දී තිබුණා.

රජයේ බංගලා වහාම බාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සිහිකැඳවීම් කිහිපයක්ම කර ඇතත්,  ඊයේ (15) වන විට නිවාස භාරදී ඇත්තේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනකු පමණක් බව ත් එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

හිටපු අමාත්‍යවරුන් රජයේ බංගලා බාරදීමේ ලොකු පසුබෑමක් දක්නට ලැබෙන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට කොළඹ 7 ප්‍රදේශයෙන් ලබාදී තිබූ බංගලා සංඛ්‍යාව 40 ක් වන අතර,

ඒ අනුව, තවමත් බාර දී නැති බංගලා සංඛ්‍යාව 29ක් ද වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads