ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට වියදම් වාර්තා ලබාදීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වීමට නියමිතයි. ඒ අනුව එම කාලය අද (13) පස්වරු 3.00 න් අවසන් වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා සැපයිය යුතුය.
කෙසේ වෙතත්, පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ වන විට සිය වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 18 දෙනෙකු පමණක් බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.
ඉදිරිපත් වූ සෙසු අපේක්ෂකයින් අද දිනයේ සිය වියදම් වාර්තා ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. එමෙන්ම, මැතිවරණ වියදම් නියාමන පනතට අනුව වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
Author: Lanka Hit News
Post Views: 38