Global Platform For All Sri Lankans

Lanka Hit News

ඉදිරියේදී සහල් හිඟයක් ද ?

 

සහල් මාෆියාව ගැන බොහෝ අවස්ථාවලදී අනාවරණ කරන්න උත්සාහ ගත්තත්, ඊට නිසි විසඳුමක් හොයන්න බොහෝ දෙනෙක් උත්සාහ ගත්තත් තවමත් සහල්වලට පාලන මිලක් ලබාදෙන්න බොහෝ දෙනෙක්ට නොහැකිවෙලා තියනවා..

ඉදිරියේදී සහල්වලට මොනවා වේවිද..? වෙළඳපොලේ සහල් හිඟයක් පවතිවිද..? මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්..

මහා පරිමාණ සහල මෝල් හිමියන් සහල් මිල ගණන් ඉහළ දැමීමත් සමග දිවයිනේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ද සහල් මිල ගණන් ඉහළ දමා ඇතැයි තොරතුරු අනාවරණය වෙනවා..

මින් පෙර අවස්ථා කීපයකදී සහල් මෝල් හිමියන් සහල් මිල ගණන් අඩු කරන බවට කියා සිටියද වෙළෙද පොළේ තවමත් සහල් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 210ත් 230ත් අතර මිලටයි..

හේතුව මත ගම්මාන ආශ්‍රිත සහල් මෝල් හිමියන් පවා කැකුළු,නාඩු,සම්බා යන සහල් වර්ගවල මිල මහා පරිමාණ සහල් වෙළෙඳුන් නියම කර ඇති මිලටම අලෙවි කළත්, විදුලි බිල, ඩීසල් මිල ගණන් අඩුවී තිබියදීත් සහල් නිෂ්පාදන මිල ගණන් ඉහළ ගොස් ඇති බව පවසමින් සහල් මෝල් හිමියන් මේ සමබන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ..

වෙළෙඳපොළේ කීරි සම්බා හැර අනෙකුත් සහල් වර්ගවල හිඟයක්ද මේ වන විට නිර්මාණය වී ඇති බවට වාර්තා වෙනවා..

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads