Global Platform For All Sri Lankans

Lanka Hit News

”රටක් හදන්න රජයකට, පක්ෂයකට හෝ දේශපාලන අධිකාරියට පමණක් බැහැ ” අගමැති

 

රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වෘත්තීය අධ්‍යාපන අංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක්වෙමින්.

රටක් හදන්න රජයකට, පක්ෂයකට හෝ දේශපාලන අධිකාරියට පමණක් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කියාසිටියා.

Clean Sri Lanka වැඩසටහනේ අරමුණ පරිසරය පිරිසිදු කිරීම පමණක් නොවන බව සඳහන්.

මානව ප්‍රජාව ආකල්පමය වශයෙන් වෙනස් කිරීමත් ඇතුළත් වන අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට ඒ වෙනුවෙන් විශේෂ වගකීමක් පැවරෙනවා.

රාජ්‍ය සේවය පිළිබඳ තිබෙන නරක ප්‍රතිරූපය වෙනස් කර යහපත් ප්‍රතිරූපයක් ඇති කර ගැනීමට ජනතා ගැටලුවලට විසඳුම් දෙන තැනක් ලෙස රාජ්‍ය සේවය පත්කර ගත යුතුයි.

අධ්‍යාපනය තුළ වෘත්තීය අධ්‍යාපනය විශේෂ තැනක් බවට පත් කිරීම රජයේ අරමුණක් වන බව ද හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළා.

“හෘද සාක්ෂියට එකඟව වැඩ කරන අපි ඔබට අවස්ථාව දීලා තියෙනවා. මේ රට ගොඩ ගන්න ඕන කියන අභිප්‍රාය තියෙන රාජ්‍ය සේවකයන්ට උපරිම සහයෝගයත්, උපරිම ආරක්ෂාවත් අපි දෙනවා.

ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් රටේ දරුවන්ට ලබාදීමට නම් අධ්‍යාපනය තුළින් බුද්ධිමය පරිවර්තනයක් ඇති කළ යුතුයි. එවැනි ආයතන බොහොමයක් අයිති අධ්‍යාපන අමාත්‍යංශයටයි. රටට අවශ්‍ය රැකියාවක් විතරක් කරන උපාධිධාරියෙක් නොවන බවත්, රට වෙනස් කළ හැකි බුද්ධිමය හා සංස්කෘතික කාර්යභාරයක් ඉටු කරන උපාධිධාරියෙක්”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads