ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව තිබෙන දුර්වලකම් ජයගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් සැකසිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා අගරදගුරු නිල නිවසේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වුණා.
එහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළ කරුණු පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් පළකලා.
“මේ හුගක් දේවල්වලට විමර්ශනයක් සිදුවෙලා නැහැ හරියාකාරව.. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා රජයෙන් පාස්කු ප්‍රහාරය ඇතුළුව අනෙකුත් මිනිමැරුම්, අතුරුදන් කිරීම් සහ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදුකරන ලද දූෂිත ක්‍රියාවන් සියල්ලම විමර්ශන කරන්න.. වහා ක්‍රියාත්මක වෙන්න, ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකසන්න.. අධිකරණය ස්වාධීන විය යුතුයි.. ඒ සඳහා රට තුළ ව්‍යවස්ථාමය වෙනසක් සිදුකිරීමද අවශ්‍ය වෙනවා.. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ව්‍යවස්ථාව තුළ තිබෙන දුර්වලකම් ජයගැනීම සඳහා.. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, විනිවිදභාවය ආරක්ෂා කරන, එකමුතුකම වර්ධනය කරන, නව ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.. මේ ව්‍යවස්ථාව හැකි ඉක්මණින් මේ රජය වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. අවුරුදු 05ක් ඉන්න බැහැ.. ඉක්මණින් මේ කටයුත්තට අඩිතාලම දැමිය යුතුයි.. “