Global Platform For All Sri Lankans

’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනකට අර අදිනවා’’ ඩලස්

 

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති ගමනකට අර අදිමින් සිටින බවත් අලහප්පෙරුම සඳහන් කළා.

කොළඹදී සමගි ජන බලවේගය අද (07) සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළා.

“ඇතැම් මාධ්‍ය අලුත් වස්ත්‍ර ඇඳ ගත යුතුයි කියා ජනාධිපති අනුර දිසානායක මහතා මාධ්‍යට අනතුරු ඇඟවීමක් සිදුකළා. ඒ වගේම ඇතැම් මාධ්‍ය වල්බූරු නිදහසක් භුක්ති විඳිනවා එය වහාම නතර කරගත යුතුයි කියා මාධ්‍ය විෂය භාර ඇමැතිවරයා ලෙස විජිත හේරත් ඇමතිවරයාත් ප්‍රකාශ කළා. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ නායකයෙක් ප්‍රකාශ කළා ජාතික ජනබලවේගය බලයට පැමිණි පසු ඇතැම් මාධ්‍ය ආයතන වහන්න සිදුවෙයි කියලා. වර්තමානයේ ඇතිවී තිබෙන්නේ ඒ අනතුර දැයි අපට සැකයක් මතුවනවා.

වෘත්තීය සමිති ව්‍යාපාරය අවශ්‍ය නැහැ ඒවා විසුරුවා හැරිය යුතුයි කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඒවගේම රටට විපක්ෂයක් අවශ්‍ය නැති බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුවට ආණ්ඩුවක් පමණක් ප්‍රමානවත් බව ඔවුන් ප්‍රකාශ කරනවා. ”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads