Global Platform For All Sri Lankans

වසර 36කට පසු නවසීලන්තයට , ඉන්දියාවේදී ලැබුණු ජය..

ඉන්දීය කණ්ඩායම සමඟ බැන්ගලූර් හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (20) සමත් වුණා.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 31.2ක් තුළ සියලු දෙනා දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 46ක් පමණයි.

එහිදී රිෂාබ් පාන්ට් ලකුණු 20ක් සහ යශස්වි ජයිශ්වාල් ලකුණු 13ක් රැස්කළා.

විරාත් කෝලි, සර්ෆාස් ඛාන්, කේ.එල් රාහුල්, රවින්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු නොලබා දැවිගියා.

පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 05ක් සහ විලියම් ඔ’රුක් කඩුලු හතරක් දවාගත්තා.

අනතුරුව සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 402ක්.

එහිදී රචින් රවීන්ද්‍ර ලකුණු 134ක්, ඩෙවොන් කොන්වේ ලකුණු 91ක් සහ ටිම් සවුති ලකුණු 65ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී කුල්දීප් යාදෙව් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 03 බැගින් දවාගැනීමටයි සමත් වුණේ.

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 356ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දිය කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 462ක්.

එහිදී සෆ්රාස් ඛාන් ලකුණු 15ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 99ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී මැට් හෙන්රි සහ විලියම් ඔ’රුක් කඩුලු 03 බැගින් දවාගැනීමටයි සමත් වුණේ.

ඒ අනුව තරගයෙන් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායමට ලකුණු 107ක ඉලක්කයක් හිමි වූ අතර කඩුලු 02ක් පමණක් දැවී ඔවුන් එම ඉලක්කය පසු කළා.

එහිදී විල් යංග් ලකුණු 48ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 39ක් නොදැවි රැස්කරගත්තා.

මෙය නවසීලන්ත කණ්ඩායමක් ඉන්දියාවේදී වාර්තා කළ තෙවන ටෙස්ට් ජයග්‍රහණය මෙය වනවා.

වසර 36ක‌ට පසුව නවසීලන්තය ඉන්දීයාවේදී ටෙස්ට් තරගයක් ජයගැනීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 24 වැනිදා පූනෛහිදී ආරම්භවීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads