Global Platform For All Sri Lankans

” ගිලන් රථය ඇතුළු තුනක් හෙට දෙනවා.. “

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාරයේ නිල රථ 08ක් පවතින බවට දක්වා ඇති නිවේදනයේ තොරතුරු නිවැරදි නොවන බව එම මාධ්‍ය ඒකකය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, “හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැහැ’’ යන ශීර්ෂය යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්.

මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරන පරිදි හිටපු ජනාධිපතිවරයා යටතේ පවතින නිල රථ සංඛ්‍යාව 06ක්.

ඉන් රථ තුනක හෙට (21) දිනයේදී නැවත භාරදීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ඒ අතර, ගිලන් රථයක් ද ඇතුළත් බවයි මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, රාජ්‍ය බුද්ධි සේවා විසින් නිකුත් කර ඇති ආරක්ෂක තක්සේරු වාර්තා හා බුද්ධි තොරතුරු අනුව දැනට ලංකාවේ සිටින දේශපාලනික නායකයින් අතරින් ඉහළම තර්ජනයකට ලක්ව සිටින දේශපාලනඥයා ලෙසයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සැලකෙන්නේ.

මෙම නිල රථ ඔහුගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ බවට අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads