ශ්රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් සිය අක්තපත්ර භාර දුන්නා.
ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපතිවරයා ලෙස ඇඩෙල් ඊබ්රාහිම් (Adel Ibrahim) මහතා ද, ජපානයේ නව තානාපතිවරයා ලෙස ඉසොමතා අකියෝ (ISOMATA Akio) ද මෙලස පත්ව සිටින අතර , ඔවුහු සිය අක්තපත්ර භාර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහකට ද එක් වුණා.