Global Platform For All Sri Lankans

Lanka Hit News

වසර 160,000 කට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් වල්ගා තරුවක්

වසර 160,000 කට වරක් දැකගත හැකි වල්ගා තරුවක් මේ දිනවල දැක ගත හැකි බව නාසා ආයතනය පවසනවා.
C/2024 G3 (ඇට්ලස්) නමින් නම් කර ඇති මෙම වල්ගා තරුව පියවි ඇසට දැකිය හැකි තරම් දීප්තිමත්ව පැවතිය හැකි බව සඳහන්.

වල්ගා තරුව සූර්යයාට සමීපතම ස්ථානය වන පරිහේලියන් හි පැවති අතර එය සඳුදා රාත්‍රියේ සිට දෘශ්‍යමානවන බව විශේෂඥයින් සඳහන් කරනවා.
මෙහි දෘශ්‍යතාව සඳහා තවමත් නිශ්චිත ස්ථාන නොදන්නා නමුත්, සිකුරු මෙන් දීප්තිමත් ලෙස බැබළෙන වල්ගා තරුව දකුණු අර්ධගෝලයේ සිට හොඳින් නිරීක්ෂණය කළ හැකි බවයි විශේෂඥයින් විශ්වාස කරන්නේ.

ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ තාරකා අංශු භෞතික විද්‍යාව සහ විශ්ව විද්‍යාව පිළිබඳ පර්යේෂක ආචාර්ය ශ්‍යාම් බාලාජි පවසා ඇත්තේ වත්මන් කක්ෂීය ගණනය කිරීම් වලට අනුව එය සූර්යයාගේ සිට සැතපුම් මිලියන 8.3 ක් පමණ දුරින් ගමන් කරන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads