මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 2,352ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම කාලය තුළ කිසිඳු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැති බවට වාර්තා වෙනවා.
මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 374ක් ක්.
කොළඹින් රෝගීන් 304ක්, ගාල්ලෙන් රෝගීන් 169ක් සහ මහනුවරින් රෝගීන් 134ක් වාර්තා වී ඇති බව ද සඳහන් වනවා.
මේ අතර පසුගිය වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 49,887ක් සහ ඩෙංගු මරණ 24ක් ද වාර්තා වී තිබෙන බවද ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 3