Global Platform For All Sri Lankans

ගුවන්තොටුපොළවල ආරක්ෂාව තහවුරුයි , දැනුම්දීම මෙන්න..

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය නිකුත් කරමින් පවසනවා.

ඔක්තෝබර් 19 වනදා සහ 24 වනදා ඉන්දියාවේ සිට පැමිණි විස්තාරා ගුවන්යානා දෙකක් සඳහා ලැබී තිබූ ව්‍යාජ බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබු එම ගුවන්යානා වෙත ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී තිබීම හේතුවෙන් ආරක්ෂාකාරීව එම යානා වල සිටි මගීන්ව සහ කාර්ය මණ්ඩල ඉවත්කර එම යානා පරීක්ෂා කිරීමට ආරක්ෂක බලධාරීන් කටයුතු කළා.

එමගින් යමෙකු අපහසුතාවයට පත්වූයේ නම් කනගාටුවට පත්වන බව ද ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads