Global Platform For All Sri Lankans

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරුණු ජාතික ජනබලවේගයේ 15දෙනාගෙන් 14ක්ම නවකයින්…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා ඊයේ (26) පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාශ 15 ක බලය හිමිකරගෙන ඇති බවත් කොට්ඨාශ 2 ක බලය සමගි ජනබලවේගය විසින් හිමිකරගෙන ඇති බව ගාල්ල තේරිභාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි පැවසුවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුළු සභිකයන් සංඛ්‍යාව 28ක් වුවත් මෙවර ප්‍රතිඵල අනුව සභිකයන් 30 ක් තේරීපත්ව ඇති බවද සහකාර මැතිවරණ කොමසාරීස්වරයා සඳහන් කළා.

ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක නිශාන්ත පෙරේරා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු සභා මන්ත්‍රිවරයෙකු මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් වන අතර එම පක්ෂයෙන් තේරී පත්ව ඇති අනෙක් සභිකයන් 14 දෙනාම නවකයන් වනවා.

සමගි ජනබලවේගය දිනාගෙන ඇත්තේ පිටුවල හා අවිත්තාව යන කොට්ඨාශ දෙකයි.

එම සභිකයන් දෙදෙනාද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයන් දෙදෙනෙක් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads