අස්වැසුම සහනාධාර ව්‍යාපෘතිය යටතේ නව ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම සඳහා රජය මගින් නිකුත් කර ඇති අයදුම්පත් භාර දීම සඳහා මෙන්ම ප්රතිලාභ ලබා ගැනීම සදහා විශාල පිරිසක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.
අද උදෑසන සිට ඒ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිරී ඉතිරි ගොස් තිබෙනවා.
අස්වැසුම දෙවන අදියර සදහා ලබන 09 වැනිදා දක්වා අයදුම්පත් භාර දීමට අමතර සහන කාලයක් ලබා දී තිබෙනවා.
එමෙන්ම, ප්රතිලාභ නොලැබූ පවුල් හෝ තැනැත්තන් සදහා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ද ලබන 15 වැනිදා දක්වා අවස්ථාව හිමි වනු ඇති.
Author: Lanka Hit News
Post Views: 59