Global Platform For All Sri Lankans

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ගිනි ගෙන විනාශ වෙයි..

කුරුවිට – කරපිංච අක්කර 16 ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ වෑන් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තිබෙනවා.

මෙලෙස ගෙන ඇත්තේ, ඇඟලුම් කර්මාන්තා ශාලාවක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරන රථයක්.

රෑ සේවා මුරය අවසන් කළ සේවිකාවන්ව ඔවුන්ගේ නිවාස අසන්නයේ බස්සවා රියදුරු යළි සිය නිවස බලා යමින් සිටියදී අදාළ රථය ගිනිගෙන ඇති බව සඳහන්.

එම අවස්ථාවේ එහි රියදුරා පමණක් සිට ඇති අතර ඔහු රථයෙන් පිටතට පැමිණ ජීවිතය බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් රත්නපුර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට මේ බව දැනුම්දී ඇති බව සඳහන්.

එම රථය පැමිණෙන විටත් වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශයට පත්වී තිබූ බවයි, අප වාර්තාකරු කියාසිටියේ.

වෑන් රථයේ ඇති වූ විදුලිය කාන්දුවක් හේතුවෙන් මෙම ගිනිගැනීම සිදුව ඇති බවටයි, පොලිසිය සැක පළ කරන්නේ.

මෙම රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බව ද සඳහන්.

මේ සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads