Global Platform For All Sri Lankans

” ආරක්ෂාවට බලපාන බුද්ධි තොරතුරක් ලැබුණාම අපි අඬ බෙර ගහන්නේ නැහැ , ආරක්ෂක පියවර ගන්නවා ” ජනපති

රටේ ආරක්ෂාවට බලපාන බුද්ධි තොරතුරක් ලද විගස පෙර ආණ්ඩු සිදුකළාක් මෙන් අඬ බෙර ගසා ජනතාව කලබලයට පත්නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එම බුද්ධි තොරතුර පසෙක ලා නොසිටින බවද ජනාධිපතිවරයා කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවක් ලෙස නිහඩව ගත හැකි සෑම ආරක්ෂක පියරවක්ම ගන්නා බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ 2024 මහ මැතිවරණයේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පුත්තලමේදි පැවති ජනරැළියකදීයි.

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ මොහොතේ මෙන්ම ඉදිරියටත් ගත යුතු පියවර ගන්නා බවත්, වගකිව යුතු රජයක් වැඩ කළ යුත්තේ එලෙස බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ජනපතිවරයා..

“විශේෂයෙන් මැදපෙරදිග නිර්මාණය වී තිබෙන යුද ගැටුමේ බලපෑම මේ වනවිට ලෝකය පුරා පැතිර යනවා.. ලංකාවටත් යම් යම් අවදානම්කාරී තත්ත්වයන් ඇතිවී තිබෙනවා.. එවැනි යම් දෙයක් ලංකාවේත් ඇති විය හැකි බව මෙයට සති දෙකකට පමණ පෙර අපට වාර්තා වුණා.. අපි බුද්ධි අංශ තොරතුරු ආවම මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ.. එම තොරතුරු පාවිච්චි කරලා ජනතාව කලබල කරන්නෙත් නැහැ.. අදාළ ස්ථානවල ආරක්‍ෂාව අප වේගයෙන් තහවුරු කළා.. එම තොරතුරුවලට අනුරූප වන පරිදි වගකීමෙන් කටයුතු කර පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කළා.. ඒ වාගේම බුද්ධි අංශ තොරතුරු මත පරීක්‍ෂණ වේගයෙන් දියත් කර සැක කටයුතු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා.. ආණ්ඩුවක් හැටියට අපේ වගකීම වෙන්නේ එවැනි සිදුවීමක් වැළැක්වීමයි.. වෙනදා සිදු කළේ එක්කෝ බුද්ධි තොරතුරු නොසලකා සිටීම හෝ මාධ්‍යයට ලබා දී කලබැගෑනියක් නිර්මාණය කිරීමයි.. ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලිසිය සහ ආරක්‍ෂක අංශ සමඟ ඉතා සමීපව නිරන්තර අවධානය යොමු කරමින්, ගත යුතු පියවර ගෙන තිබෙනවා.. මහජනයාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගැනීම වගකීමකින් ක්‍රියා කරන ආණ්ඩුවක කාර්යභාරයයි.. අපි අනාගන්න කම් බලා හිටපු අය අරුගම්බේ සිදුවීමේදි අපි ක්‍රියාකළ ආකාරය නිසා කලබල වෙලා..”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads