අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ සංවර්ධන නිලධාරින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එය පාලනය කිරීමට පොලිසිය උත්සහා කිරීමේදී ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන්.
එහිදී පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්.
තමන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට ඉල්ලමින් ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (02) විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
ඔවුන් බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යංශ වෙත පා ගමනින් පැමිණියා.
Author: Lanka Hit News
Post Views: 3