Global Platform For All Sri Lankans

ආරුගම්බේ සිද්ධියේ ඇත්ත නැත්ත ළඟදීම හෙළිවෙයි..

වරින් වර හිස ඔසවන මඩ දේශපාලනය ඕනෑම මැතිවරණ කාලයකදී සෑම පක්ෂයකටම එල්ලවන බැවින් එම මඩ ප්‍රචාර හමුවේ ඉන්ද්‍රඛීලයක් ලෙස නොසැලි සිටිමින් වැඩ කටයුතු සිදු කරන බව මහජන ආරක්ෂක හා ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ කිරිබත්ගොඩ වෙළද සංගමයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදී වර්තමානයේ දේශපාලනයේ පැතිර යන කට කතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල ප්‍රශ්ණ වලට පිලිතුරු දුන් අමාත්‍යවරයා…

ආරුගම්බේ ඇතුළු සංචාරක කලාප පිලිබදව රටේ පැතිරෙන බිය සංචාරක කර්මාන්තය බලපෑම් ඇති නොවන අන්දමින් පාලනය කර ඇති බවත් එය සත්‍ය කතාවක්ද අසත්‍යක්ද සෙවීම මූළික අරමුණ බවත් ඇමතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේ දින කීපයක් පිළිබඳව අඅනතුරු අඟවා ඇති අතර සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කළද මෙතෙක් කිසිදු සැකසහිත තොරතුරුක් අනාවරණය වී නැති බවත් ඇමතිවරයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරියගේ අසමගියක් පිළිබඳව ව්‍යාජ කටකතා පැතිර යන බවත් ඔවුන් ඉතාම සහයෝගයෙන් රට පාලනය කරන බවත් වැඩ කරන විට ගල් ගැසීම මේ රටේ පවතින එක්තරා කලාවක් බවත් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිරි මහමැතිවරණයේ දී වැඩි බලයක් සහිතව පාර්ලිමේන්තු මහමැතිවරණයේ බලය ලැබීමෙන් පසුව වේදිකාවේදී ජනතාවට පොරොන්දු වූ සියළුම පොරොන්දු ඉටුකරන බවත් ඇමතිවරයා මෙහිදී පවසා සිටියා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads