Global Platform For All Sri Lankans

” ක්‍රියාකාරී දේශපාලනයට හිත හොඳ කලාකරුවෝ එනවට ඒ කාලෙත් බයයි.. ” රංජන්

ක්‍රියාකාරී දේශපාලනයට ‘හිත හොඳ’ කලාකරුවන් පැමිණීමේ බිය ඉතිහාසයේ සිට අද වනතෙක් පවතින බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක පවසනවා.

ඊයේ (26) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එම පක්ෂයේ මංගල මහා සමුළුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

විශිෂ්ඨ කලාකරුවෙකු වන දිවංගත විජය කුමාරතුංග පිළිබඳ එහිදී සිහිපත් කළ රංජන් රාමනායක පෙන්වා දුන්නේ කුමාරතුංගගේ දේශපාලන ආගමනය නැවැත්වීමට අතීතයේ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වු බවයි.

එවැනි කුමන්ත්‍රණ වර්තමානයේදී ක්‍රියාත්මක වන බවත්, කලාකරුවන් දේශපාලනයට පිවිසීම බිය නොවිය යුතු කරුණක් බවත් රංජන් රාමනායක පැවසුවා.

තමන් දේශපාලනයට සුදුසු නොමැති බවට පවසන පුද්ගලයින්ගේ තමාට ඇසීමට ඇත්තේ ‘කුමක්ද තමාගේ තිබෙන නුසුදුසුකම යන්න පමණක්’ බවයි ඔහු එහිදී කියා සිටියේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් පළකල එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක ,

“විජය කුමාරතුංග කියන කලාකරුවා දේශපාලනයට එනකොට අපේ රටේ විධායක ජනාධිපතිවරයා පවා බයවුණා.. එක දිගට ඔහුට කෙණෙහිලිකම් කළා.. මේ වාගේම බයක් මේ ක්‍රියාකාරි දේශපාලනයට හිත හොඳ කලාකරුවන් එනවට ඒ කාලේත් තිබුණා.. ඇයි මෙච්චර බය.. අපි දේශපාලනයට සුදුසු නැහැල්ලු.. මං අහන්නම් මොකක්ද මගේ තියන නුසුදුසුකම.. හොරකම් කරලා තියනවද? මිණී මරලා තියනවද?.. මංකොල්ල කාලා තියනවද? කප්පම් අරගෙන තියනවද? කුඩු විකුණලා තියනව ද? එතනොල් ගෙනල්ලා තියනවද? අපි හැමදාම තිත්ත ඇත්ත කතා කරා පාර්ලිමේන්තුවේ දී..”

මේ අතර, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල මහා සමුළුව සඳහා පාක්ෂිකයන් 12,000 ක් පමණ එක්ව සිටි බව සඳහන්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads