පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉමාඩ් 35 හැවිරිදිවියේ පසුවන්නෙකි.
ඔහු පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.
නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු නැවතත් විස්සයි විස්ස තරඟ බිමිට පිවිසි බව සඳහන්.
ඒ අවස්ථා තුනකදී තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වීමත් සමඟයි.
ඉමාඩ් පාකිස්තානය වෙනුවෙන් එක්දින තරඟ 55ක් සහ විස්සයි විස්ස තරඟ 75ක් ක්‍රීඩා කර තිබෙනවා.
එසේම ඔහු පාකිස්තාන වෙනුවෙන් දවාගනෙ ඇති මුළු කඩුලු සංඛ්‍යාව 117ක් .
Author: Lanka Hit News
Post Views: 27