Global Platform For All Sri Lankans

Lanka Hit News

තරුණයා , තරුණියක් කළ මරණ පරීක්ෂණය , කට උත්තරෙන් සියල්ල හෙළිවෙලා

සියඹලාගස්රුප්ප දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයකුගේ ඝාතනය වූ මළ සිරුරක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට සූදානම්ව තිබිය දී ඔහුගේ මව කැඳවා ලබාගෙන තිබූ ප්‍රකාශයේ දී මියගොස් ඇත්තේ තමාගේ චූටි දියණිය යැයි පැවසීමත් සමග පරීක්ෂකයින් විමතියට පත්ව තිබෙනවා.

38 හැවිරිදි තරුණයෙකුගේ දේහය සම්බන්ධව කුලියාපිටිය අධිකරණයෙන් ලද නියෝගයකට අනුව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී එසේ ඝාතනයකොට තිබුණේ පිරිමි නමකින් පෙනී සිටි කාන්තාවක් බවට අනාවරණය වී තිබුණා.

ඉහත ප්‍රදේශයේ විශාල වත්තක කලක පටන් පදිංචිව සිට ඇති අදාළ මරණකරු අත්හැර දමා ඇති සුනඛයින් රැක බලාගනිමින් සිටි අයෙකු වනවා.

අසල්වැසි පුද්ගලයෙකුගේ දැනුම්දීමකට අනුව එසේ ඝාතනය වී ඇදවැටී සිටි පුද්ගලයාගේ දේහය සොයාගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

ස්ථානීය පරීක්‍ෂාව කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබු අතර එහිදී පූර්ණ පශ්චාත් මරණ පරීක්‍ෂාවක් පවත්වන්නැයි නියම කර තිබුණා.

ඒ අනුව මියගිය අයගේ මව කැඳවා ලබාගත් කට උත්තරයේදී මියගොස් ඇත්තේ තමන්ගේ චූටි දුව යැයි පැවසීමේදී පොලීසිය යළි යළි ප්‍රශ්න කර ඇතත් මව පුන පුනා පවසා තිබෙන්නේ එසේ මියගොස් ඇත්තේ තමාගේ බාල දියණිය බවයි.

මියගිය පුද්ගලයාගේ හැඳුනුම්පත පිරිමි නමකින් නීත්‍යානුකුලව සකසා තිබූ බවද පොලීසිය සඳහන් කරනවා.

කෙසේවෙතත්, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද එයට හේතුව සංක්‍රාන්ති ලිංගික කාරණාවක්ද නැතහොත් වෙනත් යමක්ද යන්න පිළිබඳ සොයා බලන බව පොලීසිය පවසනවා.

පශ්චාත් මරණ පරීක්‍ෂණ තීන්දුව ද සැලකිල්ලට ගෙන දුම්මලසූරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads