Global Platform For All Sri Lankans

ඩයිනොසෝර පොසිල අලුතින්ම සොයාගත් රට..

 

හොංකොං හි, ගම්බද දුරස්ථ දූපතකින් මුල් වරට ඩයිනොසෝර පොසිල සොයා ගෙන තිබෙනවා.

හොංකොං කෘෂිකර්ම, ධීවර හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නගරයේ ඊසානදිග ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී මෙම පොසිල සොයාගෙන ඇත්තේ පසුගිය මාර්තු මාසයේදියි.

එම ප්‍රදේශය වාසයට නුසුදුසු පාෂාණ සහිත පෝට් අයිලන්ඩ් නමින් හැදින්වෙනවා.

මෙම පරික්ෂණය මෙහෙයවූවන් තීරණය කර ඇත්තේ අස්ථි ෆොසිල ක්‍රිටේසියස් යුගයේ සිටි විශාල වයස්ගත ඩයිනෝසෝරයෙකුගේ වන්නට ඇති බවයි.

ඒවා ජුරාසික් යුගයෙන් පසු, වසර මිලියන 145 ත් 66 ත් අතර කාලයකට අයත් ෆොසිල බව සඳහන්.

මෙම සොයාගැනීම ඉතා වැදගත් වන අතර හොංකොං හි පොසිල විද්‍යාව පිළිබඳ පර්යේෂණ සඳහා නව සාක්ෂි සපයන බව හොංකොං හි සංවර්ධන ලේකම් පවසා තිබෙනවා.

1979 සිට, පෝට් අයිලන්ඩ් විශේෂ විද්‍යාත්මක උනන්දුවක් දක්වන ස්ථානයක් ලෙස නම් කර ඇති අතර එය හොංකොං හි යුනෙස්කෝ ගෝලීය භූ උද්‍යානයේ කොටසක් වනවා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads