මේ වසරේ පළමු දින දෙක තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 581ක් වාර්තා වී තිබෙනවා.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය කාලයේ පැවති වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.











