Global Platform For All Sri Lankans

ආහාර විසවීමකින් 500ක් රෝහලේ

 

බකමුණ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 500 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා.

ඒ, අද (19) දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව ඔවුන්ට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්.

බකමුණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ආහාර විෂ වී ඇති බවට අනාවරණ වී ඇති බව සඳහන්.

බකමූණ ප්‍රාදේශීය රෝහලේ ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් රෝගීන් වැඩිදුරට ප්‍රතිකාර සඳහා අත්තනකඩවල ග්‍රාමීය රෝහල් වෙත යොමුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර බකමූණ සහ අත්තනකඩවල රෝහල්වලට ඇතුළත් කෙරුණු රෝගීන්ගේ තත්ත්වය බරපතල නොවන බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads