උණුසුම් පුවත්

රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට හා එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීමේ ලිපිය පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අතින් පක්ෂ කාර්යාලයේදීයි අද (22) ලබාගෙන ඇත්තේ.

එමෙන්ම ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසට ද පත්වීම් ලැබුවා.

පසුගිය ජනාධිපතිවරයේදී හිටපු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමත් විශේෂත්වයක්.

අද දින රමේෂ් පතිරණ මහතා සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක්ද මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වුණා.

Shares: