දේශීය

දුම්වැටි 165,200ක් සමඟ අයෙක් අත්අඩංගුවට

වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 165,200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද්ධ හමුදා බුද්ධි තොරතුරු අනුව රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහාය ඇතිව ඊයේ (21) සිදුකළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

පොලිසියන් පැවසුවේ එම දුම්වැටිවල වටිනාකම රුපියල් මිලියන 16.52ක් බවයි.

ඉදිරි විමර්ශන සඳහා දුම්වැටි සහ සැකකරු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

Shares: