උණුසුම් පුවත්

විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක

විකිරණ තාක්ෂණවේදීන් අනිද්දා (28) සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවට විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

සිය ගැටළුවට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7ක කාලය ලබන 28 වැනිදා අවසන් වන බවයි එම සංගමය පැවසුවේ.

ඒ අනුව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ලබන 28 වැනිදා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්හි විකිරණ තාක්ෂණවේදීන්, මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් අඛන්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවයි.

Shares: