Global Platform For All Sri Lankans

නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම , අද ?

 

ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය බොහෝ දුරට අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවයි.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ද ඇතුළුව සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේ රැඳී සිටින අතර, ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමි වෙනු ඇති.

ඒ ජනාධිපතිවරයාගෙන් හිස් වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන්, ලක්ෂ්මන් නිපුණආරච්චි එක්කිරීමත් සමඟයි.

කෙසේවෙතත්, අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලය රැස්කර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

ජනපති අනුර ගැන , IMF ප්‍රධානියාගේ විශ්වාසය..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා  ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර  තිබෙනවා. වත්මන්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads