Global Platform For All Sri Lankans

මෙච්චර මෙච්චර තියෙනවා , බය වෙන්න දෙයක් නෑ..

 

විදුලිබල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර ධුරයෙන් ඉවත් වන බවට ඊයේ (24) සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා.

ඒ අනුව, තම කාර්යාලය සහ භාවිතා කළ වාහනය යළි අමාත්‍යාංශය වෙත භාර දුන් බවද එහි සඳහන්.

එමෙන්ම, අර්බුදකාරී වාතාවරණයක දී තමන් භාරගත් අමාත්‍යාංශය මේ වන විට ශක්තිමත් මුල්‍ය තත්වයකින් යුතුව මෙන්ම ඉන්ධන සහ බලශක්ති උත්පාදනය අඛණ්ඩව සැපයීමට හැකි තත්ත්වයකට පත් කර ඇති බවද එහි සඳහන් වනවා.

එසේම, කිසිදු ගැටලු‍වකින් තොරව විදුලිබල උත්පාදනය සහ ඉන්ධන සැපයීම සඳහා ප්‍රමාණවත් ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගල් අඟු‍රු තොග සහිතව පවතිනු ඇති බවට හිටපු අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එසේම, පසුගිය 20 වනදා වන විට ඩීසල් ලීටර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 23,888ක්, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක්, 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් සංචිත ලෙස පවතින බවද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

ජනපති අනුර ගැන , IMF ප්‍රධානියාගේ විශ්වාසය..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා  ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර  තිබෙනවා. වත්මන්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads