විදෙස්

යුක්‍රේන හිටපු කතානායක වෙඩි තබා ඝාතනය කරයි

 

යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හිදී ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කුරියර්වරයෙකු ලෙස සැරසී වීදියේ සිටි පුද්ගලයෙකු විසින් ඇන්ඩ්‍රි පරුබියි වීදියේ ගමන් කරමින් සිටියදී ඔහු පිටුපසින් පැමිණ වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඝාතනය සිදුකළ ඝාතකයා සොයා මේ වන විට එරට විශේෂ විමර්ෂනයක්ද ආරම්භ කර ඇති අතර, යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ අවශ්‍ය සියලු බලවේගය මේ සඳහා යොදවා ඇති බවයි.

යුක්‍රේන ජනාධිපතිවරයා මෙම ඝාතනය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙය බිහිසුණු මිනීමැරුමක් වන බවයි.

නාඳුනන තුවක්කුකරුවෙකුගෙන් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර, එම වෙඩි ප්‍රහාරයෙන් ඇන්ඩ්‍රි එම ස්ථානයෙදී ම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Shares: