ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධනය කිරීම තුළින් විගණන වැරදි සිදු කරන පුද්ගලයින්ට දෙන දඬුවම් වැඩි කර තිබෙන අතර ඊට අදාළ සංශෝධනයට අද(22) කතානායකවරයා අත්සන් තැබුවා.
ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (22) සිය සහතිකය සටහන් කළේ පාර්ලිමේන්තුවේදී.
විගණන (සංශෝධන) පනත් කෙටුම්පත 2025.07.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2025.09.11 දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
මෙම ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම අරමුණ කර තිබෙනවා.
ඒ අනුව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන අධිභාර පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එහි සංයුතිය, කාල සීමාවන් සහ ක්‍රියා පටිපාටි ඇතුළුව අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැපයීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී තිබෙන වා.
තවද වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම ප්‍රධාන වෙනස්කම් අතරට ඇතුළත් .
තවද, සංශෝධන මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 42 සහ 43 වගන්ති යටතේ වැරදි සිදු කරන පුද්ගලයින් සඳහා දඬුවම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමද සිදු කර තිබෙනවා.
ඒ අනුව මෙම ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනත ලෙස බලාත්මක වෙනවා.
ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
Shares:











