දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය රෝග 200කට පමණ හේතුවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.
දුම් රහිත දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති වැඩමුළුවකදීයි මෙම අදහස් පළවූයේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා කියා සිටියේ,
“දුම්කොළ සහ මධ්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක්. දුම්කොළ සහ මධ්‍යසාර නිසා දිනකට 110ක් මිය යනවා. මේ සංඛ්‍යාව වැඩිවන විට මියයන ගණනත් වැඩි වෙනවා. බුලත් විට භාවිතය අඩුවෙන්නේ නැහැ. කොච්චර දැනුම්වත් කළත් භාවිතය අඩු වෙන්නේ නැහැ.”
යනුවෙන්.











