බලපත්‍ර නොමැතිව ගිනිඅවියක් සහ පතරොම් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු හලාවත කොට්ඨාස විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හලාවත විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
පොලිසිය පැවසුවේ විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, පතරොම් 03ක්, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 460ක් හා නීතිවිරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 202ක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු හලාවත පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ඔහු 45 හැවිරිදි අයෙක් වන අතර අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.











