දේශීය

වැව් අමුණු 218ක් පිළිසකර කරන්න බිලියන 12ක් වෙන් කෙරේ

අයහපත් කාලගුණයෙන් හානියට පත් වැව් අමුණු සහ ඇළ මාර්ග 218ක් පමණ නැවත පිළිසකර කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා රුපියල් බිලියන 12කට අධික මුදලක් දැනටමත් ඇස්තමේන්තු ගත කර ඇති බවයි.

ඒ අනුව, ඉදිරි දින 10 තුළදී මහ කන්නයේ වගා කටයුතු සඳහා යොදාගත හැකි වන පරිදි වැව් අමුණුවලින් සියයට 80ක් පමණ පිළිසකර කර අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Shares: