උණුසුම් පුවත්ක්‍රීඩා

IPL වෙන්දේසියේදී මතීෂ ඉන්දීය රු. කෝටි 18කට අලෙවි වෙයි – වනිදුත් ලක්නව් කණ්ඩායමට

අද (16) ආරම්භ වූ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි වූවා.

ඒ අනුව මතීෂ IPL වෙන්දේසියකදී අලෙවි වූ මිල අධිකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයායි.

ඔහු මිලදී ගනු ලැබුවේ Kolkata Knight Riders කණ්ඩායම විසින්.

මතීෂ පතිරණ හිමි වූ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61.20ක්.

මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග Lucknow Super Giants කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ඔහුව එසේ මිලදී ගෙන ඇත්තේ, ඉන්දීය රුපියල් කෝටි 02ක මුදලටයි.

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙනවා.

Shares: