Global Platform For All Sri Lankans

තටාකයක කොටසක් කඩා වැටේ…?

ජෝර්ජියාවේ සපෙලෝ දූපතේ බෝට්ටු තටාකයක කොටසක් කඩා වැටී තිබෙනවා.

මින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇති බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ.

අනතුරින් පුද්ගලයන් 20 දෙනෙකු ජෝර්ජියා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වූ අත්ලාන්තික් මුහුදට ඇදවැටී තිබෙනවා.

මෙම බෝට්ටු තටාකාංගනය මෙහෙයවන ජෝර්ජියාවේ ස්වභාවික සම්පත් දෙපාර්තමේන්තුව පැවසුවේ පුද්ගලයින් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති අතර මුහුදට වැටුණු පුද්ගලයින් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

ප්‍රාදේශීය වාර්තාවලට අනුව, මෙම සිදුවීම දේශීය වේලාවෙන් ආසන්න වශයෙන් 16:30 ට සිදුව ඇති අතර, මාෂ් ලෑන්ඩින් ඩොක්හිදී සංස්කෘතික උත්සවයක් සඳහා රැස්ව සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

කඩා වැටීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම ඛේදවාචකයෙන් තමා සහ ඔහුගේ පවුලේ අයගේ හදවත කම්පා වූ බවත් ජීවිත අහිමි වූවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා යාච්ඥා කරන ලෙසත් ජෝර්ජියාවේ ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් පවසා තිබෙනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads