Global Platform For All Sri Lankans

Lanka Hit News

” අපි අවංකවම අලුත් විදියට හිතලා අලුත් ගමනක් යමු ” සජිත්..

 

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය ද දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් ගණනය කළ යුතු බවයි.

අනුරාධපුර නගරයේ පැවති ව්‍යාපාරික සහ විද්වත් හමුව අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.

“ආර්ථික වශයෙන් රට විශාල ලෙස බෙදිලා. ඇතිහැකි, නැතිබැරි පරතරය බොහෝම පුළුල් ලෙස තියෙනවා. ඇතිහැකි පළාත් තියෙනවා. නැතිබැරි පළාත් තියෙනවා. ඇත්තටම ගණන් හදලා බැලුවහම බස්නාහිර පළාතෙන් බැහැරව ආර්ථික වර්ධනයට විවිධ පළාත් ලබාදෙන දායකත්වය ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. සැබවින්ම රට ගොඩගන්න කටයුතු කරන නායකයෙක් නම් වහාම නියෝග කරන්න ඕනේ දළ දේශීය නිෂ්පාදිතයට දෙන දායකත්වය දිස්ත්‍රික්ක මට්ටමින් ගණනය කරන්න. ඒකත් ප්‍රමාණවත් මදි. එතැනින් අපි යන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට. හරියට ඒ ගණනය කිරීම කළොත් අපිට පුළුවන් ඒ හැම ප්‍රදේශයකම සම්පත්, ප්‍රයෝජනයට ගත හැකි දේ, ඌණතාවයන්, විෂමතාවයන්, ගැටලු හොඳින් හඳුනාගෙන දත්ත කේන්ද්‍රීයව, විද්‍යාත්මිකව සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි. අපි අවංකවම අලුත් විදියට හිතලා අලුත් ගමනක් යමු.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads