Global Platform For All Sri Lankans

කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ මධ්‍යස්ථානයක්..

 

අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබෙනවා.

වව්නියාව ප්‍රදේශයේ ඉදිකර ඇති එම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් 100 දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බව යි වාර්තා වන්නේ.

ඒ අනුව, අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් වව්නියාවේ පිහිටි මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිසන් සභාව සියලු විනිසුරුවරුන්ට දැනුම්දී තිබෙන බවද සඳහන් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads