2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7 ට ආරම්භ වී පස්වරු 4 ට අවසන් කෙරිණා.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන්, ලියාපදිංචි ඡන්ද දායකයින් 17,140,354 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර, ඔවුන් වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් ස්ථාපිත කර තිබුණා.
ජනාධිපති අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත් වු මෙවර ජනාධිපතිවරණය තුළ කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව පැෆරල් සංවිධානය පවසනවා.
අද පස්වරු 4 ට අවසන් වු ඡන්ද වීමසීමේ, ඡන්දය භාවිත කළ පෙට්ටි , ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට මේ වන විට සියළු කටයුතු සුදානම් බව ද සඳහන් වුණා.
කෙසේ වෙතත්, මෙම ඡන්ද භාවිතයෙන් , මෙරට 09 වැනි විධායක ජනපතිවරයා තේරී පත්වීමට නියමිතයි.
එසේම, අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.