Global Platform For All Sri Lankans

විභාගය ආපසු තියන්න , දෙමාපියන් ඉල්ලයි..

 

පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වු ගැටළු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලමින් , එම උද්ඝෝෂණය සිදු කරනු ඇති.

2024 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී පැවැත්විය. ඒ සඳහා විභග අපේක්ෂකයින් 323,879 දෙනෙකු සහභාගී විය.

කෙසේ වෙතත්, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කළින් පිටවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව මඟින් ඊයේ (29) ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්න තුනට අදාළ සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබා දෙන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාවෙන් , මියගිය ගණන ඉහළට

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads